මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිපයක ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකියි.

උතුරු පළාතේ සු‍ළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි..

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු 27 වන දින සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවද කාලගුණ අංශ පවසයි.

අද (03) දිනයේ දී දහවල් 12.11 ට ජා ඇල, ගණේමුල්ල, අඟුරුවැල්ල, දඹගොඩ, අඹන්පෝරුව හා කොටගොඩ යන ප්‍රදේශවලට ආසන්නව ඉතා ආසන්නයෙන් ඉර මුදුන්ව පවතීයි.

Read more

Local News