මෙරට හෙදියන්ටද ලබා දිය යුතු දේ ගෝඨා කියයි

Share

ලෝකයේ දියුණු රටවල හෙදියන්ට ලබාදෙන විෂය දැනුම මෙරට හෙදියන්ටද ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට තමන් කටයුතු කරන බව  ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (02) පස්වරුවේ කොළඹ පැවති සම්මේලනයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළ අතර විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්ව සිටියේය.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක් ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත් විය.

එහිදි ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ හෙදියන්ට ලබාදෙන විෂය දැනුම යාවත්කාලීන නොකීරීම හෙදියන්ගේ රාජකාරි කටයයුතු වලට මෙන්ම රෝගීන්ගේ ජීවිතවලටද දැඩි බලපෑමක් ඇති කරන බවයි.

එම නිසා හැකි ඉක්මනින් හෙද පාසල්වල පාඨමාලා යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News