අල්ලස් නොගන්නා එකම සේවය ගැන මහින්ද කියයි

Share

රාජ්‍ය සේවයේ අල්ලස් ගන්න බවට චෝදනාවක් නොමැති එකම සේවය හෙද සේවය බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙද සේවාව ක්‍රියාත්මකවන රාජ්‍ය සේවාවන් අතර ඉතාම සංවේදි එසේම ජනජීවිතයට නැතුවම බැරි වෘත්තීය සේවාවක් බවද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

එහිදී පැමිණ සිටි පිරිස ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

හෙද සේවය යනු ගරු සේවයක් බවත් සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන දසදහස් ගණනක් වූ වෛද්‍යවරුන් සහ අනෙකුත් පරිපූරක වෛද්‍ය සේවාවල නියුතු අය අතර, හෙද නිලධාරීන්ට ද ලැඛෙන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක් බවත් ඒ මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා,

” අපගේ රෝහල් සේවා පද්ධතිය පවත්වාගෙන යාම සඳහා හෙද සේවාවෙන් ලැබෙන පිටුවහල අප්‍රමාණයි.

හෙද සේවයේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකතුමා හොද අවබෝධයකින් සිටින බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුනා.

හෙද සේවාව සම්බන්ධයෙන් මතු වී තිබුනු ගැටලූ රැසක් විසඳීම සදහා අපේ රජය විසින් පියවර රාශියක් ගත් බව අපට මතකයි.

ඉන් එක ඉල්ලීමක් වන්නේ ඡ්‍යෙෂ්ඨ හෙද හෙදි නිලධාරීන්ට එම ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා දැනට තිඛෙන ඉඩකඩ පුළුල් කර දෙන ලෙසයි.

මේ පිළිබඳව නුදුරු දිනකදී බලයට පත්වන අපගේ රජයක් විසින් විශේෂයෙන් සලකා බැලිය යුතුයැයි මා විශ්වාස කරනවා. විදේශීය පුහුණුව සහ පළපුරුද්ද ලබා ගැනීමට අවස්ථාව සලසා දීම මෙහිදී වැදගත් වෙනවා.

මෙම සේවාව විසින් ඉදිරිපත් කරන තවත් ඉල්ලීමක් වන්නේ හෙද සේවාව දීප ව්‍යාප්ත සේවාවක් ලෙස පිළිගන්නා ලෙසයි. දැනට ක්‍රියාත්මක වන ආකාරයට නම් හෙද සේවාව  දැනටමත් දීප ව්‍යාප්ත සේවාවක්.

ඔවුන් මධ්‍යම රජයට සම්බන්ධ ආරෝග්‍යශාලා සහ සෞඛ්‍ය ආයතන වල මෙන්ම පලාත් සභා ආරෝග්‍යශාලා වලද සේවය කරනවා. ඊට ගැලපෙන ස්ථාන මාරු ක්‍රමයක්ද  ක්‍රියාත්මක වෙනවා.

මෙම ඉල්ලීම පිළිබඳවද ගැඹුරින් සොයා බලා දැනට අප රටේ ක්‍රියාත්මක වන වෙනත් දීප ව්‍යාප්ත සේවාවන් ගැනද සලකා බලමින් සුදුසු වැඩපිළිවෙලකට එළඹිය හැකි යැයි මා විශ්වාස කරනවා.

මීට අමතරව ඔබට බලපාන තවත් සේවා ප්‍රශ්න රාශියක් ඇති බව අපට දැනගන්නට ලැබුනා. ඉන් බොහෝමයක් ආයතනිකව විසඳා ගත හැකියි. එම ප්‍රශ්න සහ ගැටලූ ද ඉදිරියේදී බිහි කිරීමට යන අපේ රජයක් සමඟ සාකච්ඡා කොට සාධාරණ වියදම් සොයා ගැනීමට හැකි වෙතැයි මා කල්පනා කරනවා.”

Read more

Local News