ශ්‍රිලනිප සම්මේලනයට සියල්ල සූදානම්

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වීමට අදාල සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

සම්මේලනය අද (03) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

“තීන්දුව හරි අතට” යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සම්මේලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක්වීමට ද නියමිතව තිබේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව සදහන්.

Read more

Local News