දියකාවා යුද අභ්‍යාසය අද සිට

Share

ශ‍්‍රි ලංකා යුද හමුදාව විසින් 10 වන වරටත් පවත්වන ”දියකාවා” යුද අභ්‍යාසය අද (03) ආරම්භ කිරීම සඳහා සියලූ කටයුතු සූදානම් කර තිබේ.

එහි සමාරම්භක උත්සවය යුධ හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි.

රටවල් 10 සෙබලූන් 81 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුධ අභ්‍යාසය අද සිට ලබන 23 වනදා දක්වා පැවැත්වෙන බවයි යුධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ.

යුධ හමුදාවෙන් සෙබලූන් 2400 ක් අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතයි.

Read more

Local News