දුමින්ද දූෂණ චංචා සෙවිමේ ජනපති කොමිසම හමුවට

Share

හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙරවරු 11.00 ට පෙනී සිටිමට නියමිතව තිබේ.

දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් මත සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදිම සඳහා මෙම කැදවීම සිදුකර ඇති බව සඳහන් වෙයි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබන 11 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

පාසල් පෙළපොත් සඳහා අමාත්‍යවරයාගේ ඡායාරූප ඵල කිරීමේදී සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදි ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතාට එරෙහිව විනය පියවර ගැනිමට අදාලව ඔහු විසින් කොමිසම වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණි.

Read more

Local News