ජාතික ආර්ථිකයට අපි ශක්තිය දෙන්නට ඕනේ

Share

ග්‍රාමීය ජනතාවට සහ දේශීය කර්මාන්තකරුවාට ප්‍රමුඛස්ථානය ලබාදෙන යුගය නොවැම්බර් මාසයෙන් පසු බිහිකරන බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉදිවූ තවත් උදා ගම්මානයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩලච්චේන දීඝවාපිය ඉදිවූ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමිගම ඊයේ(03) අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“බොහෝදෙනා අවදානය යොමු කරනවා. ජාතික ආර්ථිකය. ඒකේ නරකක් මම දකින්නේ නැහැ. ජාතික ආර්ථිකයට අපි ශක්තිය දෙන්නට ඕනේ. නමුත් පුළුල් ආර්ථිකය ගැන සොයා බලනවා වගේම.

කුඩා පරිමාණයේ ග්‍රමීය ආර්ථිකයට. අපි ප්‍රමුඛස්ථානය ලබා දෙන්න ඕනේ. මෑත කාලයේ සුපුරුදු පරිදි සිදු වුණදේ තමයි. ග්‍රාමීය ආර්ථිකයේ වගකීම. මොනයම් හෝ අමාත්‍යාංශයකට ඒකබද්ධ කරලා. ගැමි ආර්ථිකයට ලබා දිය යුතු ප්‍රමුඛස්ථානය ඉබේටම පළුඳු කරලා.“

 

Read more

Local News