Home දේශීය පුවත් ඖෂධ හිඟයක් නෑ – වෛද්‍ය සැපයුම් අංශය

ඖෂධ හිඟයක් නෑ – වෛද්‍ය සැපයුම් අංශය

0
ඖෂධ හිඟයක් නෑ – වෛද්‍ය සැපයුම් අංශය

මධ්‍යම බෙහෙත් ගබඩාවේ හිඟයක් නොමැති බව වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී සුදර්ශන මහතා පවසයි.

ඖෂධ සංචිතය ලෙස සලකන්නේ ජාතික ඖෂධ සංචිතය බවත් දැනට තිබෙන අළුත්ම සංකල්පයේ ආකාරයට ඖෂධ තොග වශයෙන් ගබඩා කර ගන්නේ නොමැති බවත් ඔහු පැවසීය.

ආනයනය කළ ඖෂධ සහ දේශීය නිපැයුම්කරුවන්ගෙන් ලබාගත් ඖෂධ මධ්‍යම ඖෂධ ගබඩාවට ලැබෙන්නේ නිශ්චිත කාලසටහනකට අනුව බවත් එම ඖෂධ දිනපතාම ඒ ඒ රෝහල් වෙත අවශ්‍යතාවය අනුව සැපයීම් සිදු කරනු ලබන බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

වාර්ෂික අවශ්‍යතාවය මත ඖෂධ තොග ඉදිරි දින කිහිපයේ දී ගෙන්වීමට නියමිත බවත්, එම නිසා මධ්‍යම ඖෂධ ගබඩාවේ පවතින සංචිත නිර්ණායක ලෙස සැලකීම වැරදි බව වෛද්‍ය සුදර්ශන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here