කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (03) දින හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේදී කේරළ ගංජා ග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගන්නා ලදි.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, මිරිජ්ජවිල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු යතුරු පැදියක් නිරික්‍ෂණය කර තිබේ.

එම යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනා සමඟ මෙම කේරළ ගංජා ප්‍රමාණය නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙම පුද්ලයන් දෙදෙනා වයස අවුරුදු 19 සහ 26 අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර, පුද්ගලයන් දෙදෙනා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News