ලොරි-යතුරුපැදි අනතුරකින් අයෙක්ට බරපතළ තුවාල

Share

ගම්පොළ, කහටපිටිය මුස්ලිම් පල්ලිය ආසන්න ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ගම්පොළ, කහටපිටිය මුස්ලිම් පල්ලිය ආසන්යේදී කුඩා ලොරි රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු මේ වන විට ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

අනතරු සම්බන්ධයෙන් ලොරි රථයේ රියඳුරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News