මිලියන 50ක විදේශීය ඖෂධ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

මෙරටට ආනයනය කළ නොහැකි රුපියල් මිලියන 50 ක පමණ වටිනාකමකින් යුත් විදේශීය ඖෂධ තොගයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් මීගමුව, ජයරත්න පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී එම ඖෂධ තොගය සොයාගෙන ඇත.

ඖෂධ තොගය ලඟ තබාගෙන සිටි සැකකරු එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සහ ඖෂධ තොගය ඉදිරි විමර්ශන සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත භාර දී තිබේ.

Read more

Local News