සපත්තු ඇඳලා තමයි මේස් දාන්නේ හදන්නේ

Share

ඇල්පිටිය ප්‍රාදේශිය සභාව ජය ගැනීමට පක්ෂයක් ලෙස එක්ව කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් පසුව මාධ්‍ය විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේබව ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් අසා සිටියේ, පක්ෂයක් ලෙස ඇල්පිටියේ ඡන්දයට සුදානම් ද යන්නයි.

එයට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා පවසා සිටියේ, පක්ෂයක් ලෙස සුදානමක් ඇති බවත් 2019 දිනනේ අනිත් ඒවත් දිනනවා යන්නයි.

සෑම අවස්ථාවකම සුදානමිකින් සිටින බවත් නිසි වේලාවේදී ජයග්‍රහණය කළ හැකි ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් අසා සිටි ප්‍රශ්නයකට පිළිතුර දෙමින් කියා සිටියේ, නිසි වේලාවට තම පක්ෂයේ ජයගත හැකි ජනපති අපේක්ෂකයා නම් කරන බවයි.

ජනාධිපතිවරණයක් නම් කර නොමැති මොහොතක යම් පුද්ගලයින් “සපත්තු ඇඳලා තමයි මේස් දාන්නේ හදන්නේ“ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News