ප්‍රහාරය වලක්වා ගන්න කටයුතු නොකිරීමට එරෙහි පෙත්සම් 12ක් යළි කැඳවයි

Share

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු ලබා දී තිබුණේ නම් පාස්කු ඉරු දින පැවැත්වීමට නියමිතව තිබූ දේව මෙහෙයන් අවලංගු කිරීමට හැකියාව තිබුණු බවත් එසේ කළේ නම් සිදුවූ මහා ඛේදවාචකයක් වළකා ගැනීමට හැකියාව තිබුණු බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළේ යැයි චෝදනා කරමින්ට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (04) යළි කැඳවනු ලැබූවේය.

Read more

Local News