උතුරු ඉන්දියාවේ ගිනිකෙලි කර්මාන්තශාලාවක පිපිරීමක්

Share

උතුරු ඉන්දියාවේ ගිනිකෙලි කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 23 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිදුවීමෙන් තවත් 24 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

උතුරු ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ නගරයක පිහිටා තිබූ ගිනිකෙලි කර්මාන්තශාලාවක විශාල පිපිරීමක් සිදුව තිබේ.

පිපිරීමත් සමඟ කර්මාන්තශාලා ගොඩනැගිල්ල ගිනිගෙන ඇති අතර පසුව එය කඩාවැටී ඇත.

මෙම පිපිරීමෙන් මෝටර් රථයක් හා යතුරුපැදියක්ද විනාශ වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව වාර්ත වෙයි.

උත්සවය සමයේදී ඉන්දියාවේ ගිනිකෙලි සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් අනවසර ගිනිකෙලි කර්මාන්තශාලා බහුලවී ඇති බවයි විදෙස් වාර්තා පවසයි.

ඒවායින් බොහොමයක් නිසි ප්‍රමිතියෙන් තොරවීම නිසා මෙවැනි අනතුරු සිදුවන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.

Read more

Local News