එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න අනුමැතිය

Share

එක්සත් ජාතීන්ගේ සංවිධාන ආරක්ෂක මණ්ඩලයෙහි 1540 දරන යෝජනාව අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් අවි අත්පත් කරගැනිමට, සන්තකයේ තබාගැනීමට සහ ලබාදීමට, ප්‍රවාහනයට සහ භාවිත කිරීමට ප්‍රයත්න දරන රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්හට ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ සහයෝගයක් ලබා දීමෙන් වැළකිය යුතුය.

ඒ අනුව, සමූල ඝාතක අවි සහ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය අපනයනය, ප්‍රති අපනයනය, සංක්‍රමණය කිරීම, නැව් මාරු කිරීම මෙන්ම එවැනි කාර්යයන්හි නිරත පුද්ගලයින්ගේ ගමනාගමන සහ සංක්‍රමණ කටයුතු මෙරට සිට හෝ මෙරට හරහා සිදුවීම හා සම්බන්ධ නීති හා විධිවිධාන සකස් කිරීම කාලීන අවශ්‍යතාවයක් පවතින බව සඳහන් වේ.

එම නිසා ,එම අවශ්‍යතාවයන්ට අනුගත වන පරිදි, යුරෝපා සංගම් යුද උපකරණ ලැයිස්තුව සහ යුරෝපා සංගමයේ ද්වි භාවිත පාලන ලැයිස්තුව භාවිත කොට ශ්‍රී ලංකාවට ගැළපෙන අයුරින් වෙනස්කම් සිදුකොට ජාතික පාලන ලැයිස්තුවක් වසරක් තුළදී සකස් කිරීමට සිදු වන බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දුන් නිවේදනයේ සඳහන්.

1540 දරන යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2039/31 සහ 2017 ඔක්තෝබර් මස 06 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් විධිවිධාන ප්‍රකාරව අනපනත් වෙනස්කිරීම සඳහා සංශෝධන කෙටුම්පත් කිරීම පිණිස, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Read more

Local News