විනය පරික්ෂණ තැබිය යුත්තේ මට නෙවෙයි – ෆවුසි

Share

විනය පරික්ෂණ තැබිය යුත්තේ තමන්ට එරෙහිව නොව නිදහස් පක්ෂය පරිහානියට පත් කළ පුද්ගලයින්ට එරෙහිව බව ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රීවරයා පවසයි.

කෙසේවෙතත් තමන්ට එරෙහිව විනය පරික්ෂණ පවත්වන බවට කිසිදු දැනුම්දීමක් මේ වන තෙක් ලැබී නොමැති බව  ඒ.එච්.එම් ෆවුසි මන්ත්‍රීවරයා පැවසුවේය.

කෙසේ වෙතත් අප කළ වසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මන්ත්‍රිවරයා පැවසුවේ පක්ෂය හැරගිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව අනිවාර්යෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, විජිත් විජේමුණි සොයිසා සහ ඒ.එච්.එම්.ෆවුසි යන පක්ෂය හැර ගොස් සිටින ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා දින 7 ක් තුළ නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (04) නිවේදනය කළේය.

Read more

Local News