පෙර සිටි ජනපතිවරුන් සියලු දෙනාම එල්ල වූ චෝදනාවක් මෙන්න

Share

දේශපාලන බලවතුන්ගේ බලපෑම් වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීම සඳහා තම පාලන කාලය තුළදි අධිකරණ ක්ෂේත්‍රයට අවස්ථාව හිමිවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

පොළොන්නරුව නව නගරයේ ඉදිකරණ ලද නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිම අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

අධිකරණය තුළ නිදහසේ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාවක් තමාට ගොඩ නැංවීමට හැකි වු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජයෙන් තමාට ඒ පිළිබඳව විවේචන හා දෝශාරෝපණ කොතෙක් තිබුණ ද පසුගිය අවුරුදු කීපය කුළ අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීමට හැකි වු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

මීට පෙර සිටි ජනාධිපතිවරුන් සියලු දෙනාම අධිකරණයට අනවශ්‍ය ලෙස බලපෑම් එල්ල කිරීම පිළිබඳ චෝදනා එල්ල වුව ද තමාට එවැනි චෝදනා නොමැති බවත් ජනාධිපතිවරයා පවසයි.

එසේම සිය ධුර කාලය තුළ අධිකරණයට සේවාවන් ඉටු කිරීමට ඉතා විශිෂ්ඨ පසුබිමක් ගොඩ නැගීමට හැකි වු බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News