පොදු ජන පෙරමුණ ආරක්ෂා කළ දෙයක් මෙන්න

Share

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ එක් වීමට අපේක්ෂාවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

2015 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගත් තීන්දුව වැරදි බව මේ වන විට පක්ෂය තුළින්ම පිළිගෙන ඇති බව පැවසු ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඔවුන් ඉදිරියේ දී හරි අතට තීරණයක් ගත යුතු බවත් ඒ සඳහා පොදු ජන පෙරමුණ සමඟ එක් විය යුතු බවත්ය.

විනය පරීක්ෂණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දරණ මතය තුළ සිටින්නේ ඉතාම අතලොස්සක් බව පැවසු ඒ මහතා සඳහන් කළේ විනය පරීක්ෂණ සිදු කිරීමට නිවේදනය කරන මන්ත්‍රීවරුන්ට පක්ෂය තුළ විනය තිබේදැයි යන්න ගැටලුවක් බවයි.

එසේම එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැකි ජනතා අපේක්ෂාවන් ඉටු කළ හැකි එකම අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති බවත් ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එසේම එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය පිළිබඳ සංකල්පය සුරක්ෂිත වු‍ණේ පොදු ජන පෙරමුණ මඟින් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News