බීඩී කොළ තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (05) දින මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේදී බීඩී ‍කොළ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

උතුරු මැද නාවික විධානය සහ මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී බලපත්‍ර රහිතව ලඟ තබා ගත් බීඩී කොළ කිලෝග්‍රෑම් 192.5 ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බීඩී කොළ තොගය නීති විරෝධී ලෙස පාර්සල් 11 ක් තුල අසුරා නිවසක් තුල සඟවා තිබියදී සොයා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.

සැකකරු සහ බීඩී කොළ තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මන්නාරම, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලබයි.

Read more

Local News