හිටපු ජනපති මුගාබේ දිවියෙන් සමුගනී

Share

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් ගේබ්‍රියෙල් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 95 හැවිරිදි වියේ පසුවිය.

ඔහු සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වෙයි.

රොබට් මුගාබේ තරම් දීර්ඝ කාලයක්  බලය හෙබවූ නායකයින් ලොව සිටින්නේ අතලොස්සක් බව සඳහන් වෙයි.

1924 දී උපන් රොබර්ට් මුගාබේ සිම්බාබ්වේ නිදහස් සටනේ නායකයකු වූ අතර, 1980 දී එරට නිදහස ලැබූ විට එහි පළමු අගමැති බවට පත් විය.

1987 දී ඔහු ව්‍යවස්ථා වෙනසකින් පසු ජනාධිපති බවට පත් විය.

වසර 37 ක කාලයක් තිස්සේ සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබර්ට් මුගාබේගේ පාලන සමය නිම වන ආකාරයේ කිසිදු ලකුණක් 2017 නොවැම්බර් මාසය ආරම්භයේ දී දක්නට ලැබුණේ නැහැ.

කෙසේ නමුත් සති තුනක් ඇතුලත ඔහුගේ අතින් බලය ගිලිහී ගියේ නොසිතූ අයුරින්.

ඒ, එරට යුද හමුදාව මැදිහත් වීමෙන් පසු ඇති වූ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙසයි.

Read more

Local News