වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙක් බගවන්තලාව ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර තිබේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන්, ලින්ෆොඩ් වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 35 දෙනෙකු සහ කර්කස්වොල් වතුයායට අයත් හෙල්බොඩ උඩ කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් 20 දෙනෙකුටයි මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වි ඇත්තේ.

අද (06) උදැසන 10 ට සහ 11ට මෙම බඹර ප්‍රහාර දෙකම එල්ල වි ඇති බවට වාර්තා වෙයි.

ලොයිනොන් ලින්ෆොඩ් වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පහර දෙන අවස්තාවේ බඹර ප්‍රහාරයෙන් මිදීමට තේ පදුරු මත වතු කම්කරු කාන්තාවන් දිව යන අවස්තාවේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක්ද ඇවිස්සි තමන්ට පහර දුන් බව එම වතුයායේ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියේය.

මේ අතර කර්කස්වොල් හෙල්බොඩ කොටසේ තේ පදුරක් මත බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ පයට පැගීම නිසා බඹරුන් ඇවිස්සී තමන්ට පහරදුන් බව එම බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතුකම්කරු කාන්තාවන් කියා සිටියේය.

තේ වතු යායේ වැඩ කරන වතු කම්කරුවන්ට නිතර නිතර බඹර ප්‍රහාර එල්ල වන නිසා තේ වතු යායවල් බැද තිබෙන බඹර කුඩු විනාශ නොකර බිගු සම්පත සුරැකිමේ සංවිධානයේ සහයෝගය ලබාගෙන බඹර කුඩු ඉවත් කිරිමට වැඩපිළිවෙලක් දියත් කරන ලෙස බගවන්තලාව ප්‍රදේශයේ සියලුම වතු පාලන අධිකාරිවරුන් වෙත දැනුම් දි ඇති බව බගවන්තලාව පොලීසියේ ස්ථානධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතාද පැවසීය.

Read more

Local News