එස්.බී කළ වරදක් ගැන කියයි

Share

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට ඇතැම් විට තමන් තරග නොකරනු ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන් ඉවත් කිරීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවැසීය. ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ‍මේ බව පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් හිතින් ගතින් ඉන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් සමග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් සමග. අපේ පක්ෂයට ඕන කම තියෙනවානම් අපිව අයින් කරන්න කිසි ගැටලුවක් නෑ. අපිව ඉවත් කරපු දෙන් ඒක වෙනම කාරණයක්.  මන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ.

ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි. නමුත් අපේ දේශපාලනයේ යුග මෙහෙවරක් පංති යුතුකමක් අපිට ඉටු කරන්න තිබෙනවා. ඒක අපි ඉටුකළා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගිය එක මම කරපු දේශපාලන වරදක්.

Read more

Local News