ව්‍යාපාරික ආයතන 10ක් මහජන බැංකුවට ලබාගත් ණය ගෙවලා නෑ

Share

මහජන බැංකුවෙන් ණය ලබාගත් ව්‍යාපාරික ආයතන 10 ක් රුපියල් මිලියන 37,727 කට ආසන්න මුදලක්, ආපසු ගෙවිම පැහැර හැර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වුණි.

ඒ මහජන බැංකුවේ නිලධාරින් ඊයේ(05) කෝප් කමිටුව ඉදිරියේ පෙනි සිටි අවස්ථාවේදී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසීය.

“පසුගිය මාස 31 තුළ අක්‍රීය ණය මිලියන 20428 කින් වැඩිදී ඇති අතර එය 2016 හා වසර හා සසදන විට මුළු අක්‍රීය ණය, ණය ලබාදීම්වලින්  සියයට සියකට වඩා වැඩිවීමන් හැටියට තමයි විගණකාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ.

අක්‍රීය ණය ගණුදෙනුකරුවන්ගේ ඉහළම දහ දෙනාගේ එකතුව මිලියන 37 727ක්. සමහර අයට ණය පහසුකම් රීස්ට්‍රක්චරින් කරලා තියනවා. විශාල වශයෙන් 219 වතාවක්.

ප්‍රශනය තියෙන්නේ මේ ඉහළම ඉන්න 10 දෙනා එකම පිරිසක් මේ ඉන්නේ. කෝප් කමිටුවේ සාමාජිකයෙක් වෙලා ඉද්දි දැකපු ලැයිස්තුව මේ. ඔබතුමා කිව්වා අයකරගන්න දේපල. තිබුනේ නෑ කියලා. එතකොට ආරාක්ෂාවක් නැතුවද මේ ණය දීලා තියෙන්නේ.

CML MTD කන්ස්ට්‍රක්ෂන් කියන ආයතනයේ අධක්ෂකවරයෙක්. මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉදලා තියෙනවා. එයා මහජන බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්කොටම. වෝකස්  CML සමුහයේ උප සභාපති ලෙස කටයුතු කරලා තියෙනවා.

එහෙම කටයුතු කරන කොට. අපසු ගේවීම් පැහැර හැරීම හේතුවෙන් වෝකස් CML සමුහයට ලබා දුන් ණය පහසුකම අක්‍රිය කණ්ඩයට මාරුකරන ලද අතර 2019යේ අගොස්තු 27වනදා වන විට හිඟ මුදල මිලියන 3946ක්. එම හිඟ ණය මුදලින් මිලියන 3339ක් එනම් සියයට 85. ශක්තිමත් ඇපකරයකින් ලබා ගැනීමකින් තොරව ලබාදී තිබිණි. “

Read more

Local News