ත්‍රීරෝද රථයක් ප්‍රපාතයට පෙරළී සිව්දෙනෙක්ට තුවාල

Share

ගම්පොල සිට ආගරපතන දක්වා ධාවනය වු ත්‍රීරෝද රථයක් අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් සිව්දෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලීසිය පවසයි.

අද (07) අළුයම 1.00ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය බොහිල් 8 කණුව ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් තුවාල ලැබු සිව්දෙනාම අවුරුදු 20 ත් 25 වයස් කාණ්ඩවල පසුවන අය බවත්, අනතුර පිළිබඳව නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News