මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන

Share

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරිගුණවර්ධන මහතා පත් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව අදාළ පත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙතෙක් මැතිවරණ කටයුතු භාරව කටයුතු කරනු ලැබුවේ වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා යි.

මේ වන විට බස්නාහිර පළාත සහ රථ වාහන දිශාව භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාට අදාළ තනතුරුවලට අමතරව මැතිවරණ කටයුතු ද භාර දී තිබේ.

Read more

Local News