අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ගජධීර මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) සිදු කරීමට නියමිතයි.

අද පස්වරු 03.30ට මාතර උයන්වත්ත ක්‍රිඩාංනයේදී මන්ත්‍රිවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරේ.

මේ වනවිට දේහය මහජනගෞරවය සඳහා මාතර පරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත.

දීර්ඝ කලක සිට රෝගි තත්වයෙන් පසු වු මන්ත්‍රිවරයා පසුගිය 05 වනදා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වුණි.

මිය යනවිට 73 වන වියේ පසුවු චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීවරයා 1994 වසරේදී පාර්ලිමෙන්තුවට තේරී පත් වු අතර අවස්ථා ගණනාවකදී අමාත්‍යවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කළේය.