කේරළ ගංජා තොගයක් සමඟ 2ක් අත්අඩංගුවට

Share

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේදී ඊයේ (08) දින කේරළ ගංජා කිලෝග්‍රෑම් 01.94 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු නාවික විධානය සහ ගොන්නෝරුව පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව හම්බන්තොට, සමෝදාගම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී සැකකටයුතු කැබ් රථයක් නිරික්‍ෂණය කර ඇත.

පසුව එම කැබ් රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී කැබ් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් ලඟ තිබී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

මෙම සැකකරුවන් වයස අවුරුදු 38 වන වියෙහි පසුවන වීරකැටිය සහ විතාරන්දෙණිය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, කැබ් රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා හම්බන්තොට, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News