ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ වීරසේකරගම ප්‍රදේශයේ දී ඊයේ (09) පස්වරුවේ සිදු කල හදිසි මෙහෙයුමකදී වියලි ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොණරාගල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.

සැකකරු සන්තකයේ තිබී වියලි ගංජා ග්‍රෑම් එකසිය හැත්තෑවක් තිබී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලේවන යාය වීරසේකරගම වැල්ලවාය ලිපනයේ පදිංචි වයස අවුරුදු 43ක පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු ප්‍රදේශයේ ගංජා ජාවාරමේ නිරත වී ඇති බවට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා වැල්ලවාය පොලිසියට භාර දී තිබේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට (10) දින ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News