දිනන්න හැකි අපේක්ෂකයෙකුට තම පක්ෂයේ සහයෝගය ලබාදෙනවා

Share

ජනාධිපතිවරණයේදි ජනතාව අපේක්ෂා කරන සේම ජයග්‍රහණය කිරීමට හැකි අපේක්ෂකයෙකු පමණක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන්නේ නම් පමණක් තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නුවරඑලිය නානුඔය පිඩ්රු වතුයායේ ස්කාප් කොටසේ අලුතින් වතු නිවාස 25 ඉදි කිරිම සදහා ඊයේ (09) පස්වරුවේ එම වතුයායේදි මුල්ගල තැබිමෙන් අනතුරුව පැවති ජන හමුවේදි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ, ජනාධිපති අපේක්ෂකයාට වතුකරයේ ජනතාවගේ සහයෝගය ලබා දිම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවට තමන් තුල විශ්වාසයක් ඇති බව පලනි දිගම්බරම් අමාත්‍යයවරයා පවසයි.

ජනාධිපතිවරණය පැවැත්විමෙන් අනතුරුව මහ මැතිවරණයත් ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණයත් පැවැත්වෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පැවැත්විමට නියමිත සැම මැතිවරණයකින්ම එක්සත් ජාතික පක්ෂයජය ග්‍රහණය කරන බවත්, එක්සත් ජාතික පක්ෂ රජයක් තුලින් වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලිමට විශාල වැඩ කොටසක් සිදු කළ බවත්, වතුකරයේ ජනතාව වෙනුවෙන් අලුතින් පළාත් පාලන ආයතන ස්ථාපනය කිරිම, වතු කම්කරුවන්ට පර්චස් 7 ක ඉඩමක් සහිත නිවසක් ලබා දිම, හිමිකම් ඔප්පු ලබා දිම ඇතුළු සංවර්ධන කටයුතු රාශ්‍රියක් සිදු කළ බවත් අමාත්‍යවරයා පවසයි.

එම වතුයායේ ඉදි කිරිම් ආරම්භ කළ වතු නිවාස 25 සදහා එම අමාත්‍යංශය මගින් එක් නිවසකට රු. ලක්ෂ10 ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර එම සැම නිවසක්ම වර්ග අඩි 750 කින් සමන්විත වෙයි.

හරිත රන් නිවාස යෝජනාක්‍රමය යටතේ ඉදි කරන එම සැම නිවසකටම විදුලිය පානිය ජලය, මං මාවත්  ලබා දිමටද නියමිතය.

Read more

Local News