දුමින්ද ජනපති කොමිසම හමුවට

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද වත්මන් ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට කැඳවා තිබේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සම්බන්ධයෙන්, ක්‍රියාත්මක විමර්ශනයට අදාළවයි.

ඒ අනුව, අද පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටිනැන්යි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට දැනුම් දී ඇති බව ජනාධිපති විමර්ශන කොමිසන් සභාව ප්‍රකාශ කළේ ය.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැඳවීමට ඊයේ සිතාසි නිකුත් කෙරිණ.

ඒ ලබන 12 වැනිදා පෙරවරු 9.30 ට පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා දූෂණ පිළිබඳ සොයා බලන කොමිසම හමුවට පැමිණිය යුතු යැයි දන්වමිනි.

එම නියෝගය ෆැක්ස් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයටත් , අරලියගහ මන්දිරයටත් යොමු කර ඇති අතර අද එය ගෙන ගොස් භාර දීමට ද නියමිත බව ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වා ගෙන ගිය රාජගිරියේ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට කැඳවා තිබේ.

Read more

Local News