සජිත් එජාපය හැර යයිද ?

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සාර්ථක වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මල්වාන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කිසිදිනක එක්සත් ජාතික පක්ෂය අත්හැර නොයන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණනය ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එකතු වුණ හොත් පමණක් බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා වූව හොත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය විය යුතු බවයි.

Read more

Local News