ජනතාව සතු වගකීමක් ගැන බුද්ධික කියයි

Share

ඉදිරියේදී විනයක් සහිත මහජන නියෝජිතයින් පත් කිරීම ජනතාවගේ ප‍්‍රධාන වගකීම බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මාතර පැවති උත්සවයකදීයී.

ලංකාවේ කීර්තිමත් දේශපාලනඥයින් කිසිවෙක් කීර්තිමත් උපාධිධාරීන් යැයි තමා ප්‍රකාශ නොකරන බවත් සඳහන් කර සිටි අමාත්‍යවරයා, නමුත් බොහෝ එවැනි නායකයින් රටේ සාධනීය පරිවර්තන සිදු කර ඇතැයි ද පැවසීය.

නමුත් අද යුගය එදා යුගයට වඩා බෙහෙවින් වෙනස් යැයි පැවසු අමාත්‍යවරයා, අද තෝරා ගෙන ඇත්තේ වැඩියෙන්ම හොර අරක්කු විකුණන අය බවත් ඔවුන් පාසල්වලට පැමිණ සදාචාරය ගැන කෙසේ කථා කරන්නේ දැයි ගැටළුවක් බවත් කියා සිටියේය.

එනිසා ජනතාවට ගම්වෙනුවෙන් යම් වගකීමක් ඇති ආකාරයටම තමා කතිරයක් ගැසීමේ දී එහිද යම් වගකීමක් ඇති බවද බුද්ධික පතිරණ මහතා පැවසීය.

කතිරයක් ගසන විට විශ්වාසයක් තැබිය හැකි ආඩම්බරයක් තිබිය හැකි දේශපාලඥයෙක් පත් කල යුතු බවත් පැවසු අමාත්‍යවරයා ඒ මෙහොතේ කිසිවෙකුගේ පක්ෂය හෝ දේශපාලන මතය අවශ්‍ය නොවන බවද කියා සිටියේය.

Read more

Local News