රනිල්, සජිත් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

එම සාකච්ඡාව ඊයේ (10) රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එය රාත්‍රී 11.30 පමණ වන තෙක් පැවැති බවට වාර්තා වෙයි.

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවෙන් අරමුණ වී තිබුණි.

Read more

Local News