වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳුන් 200කට එරෙහිව නඩු

Share

අනුමත මිලට වඩා වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළ වෙළඳ නියෝජිතයින් 200 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 යි ශත 50 කින් වැඩි කිරීමට සමාගම් පසුගියදා පියවර ගෙන තිබූණි.

ජීවන වියදම් කමිටුවේ අනුමැතියකින් තොරව මෙම මිල වැඩිකිරීම් සිදුකිරීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හා වැඩි මිලට පිටි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් සිදුකිරිමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

Read more

Local News