ශ්වසන ආබාධ සහිත රෝගීන් ඉහළට

Share

හේතුවෙන් ජනතාවට දැඩි ශ්වසන අපහසුතා මතුවී තිබේ.

මේ හේතුවෙන් පළාතේ පාසැල් රැසක්ද වසාදැමීමට සිදුවිය.

ගොවිබිම්වලට ඉතිරිවන කොටස් ගිනිතැබීමත් සමග නිකුත් වන දුමාරයෙන් ඉන්දුනීසියාවේ රියාඕ පළාතේ වායු දූෂණය ඉහළ ගොස් තිබේ.

එමෙන්ම සුමාත්‍රා දිවයිනේ ඇතැම් ප්‍රදේශවල හටගෙන ඇති ලැව් ගිනිද වායුගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටීමට හේතුවී ඇති බව සඳහන් වෙයි.

ඝන දුමාරය හේතුවෙන් ජනතාවට ශ්වසන ආබාධ මතුව ඇති බව ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරයි.

ශ්වසන ආබාධ හේතුවෙන් රෝහල්ගත වන රෝගීනේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රියාඕ හි රෝහල්වල බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් රියාඕ පළාතේ පාසැල් හා ළදරු පාසැල්, යළි දැනුම්දෙන තෙක් වසාදැමීමට තීරණය කළ බව බලධාරීන් පවසයි.

එමෙන්ම අධික ලෙස වායු දූෂණයට ලක්ව ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාවට මුහුණු ආවරණ ලබාදීමටත් බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read more

Local News