චීන – ලංකා ආරක්ෂක සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

Share

චීනය විසින් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ලබාදෙන විවිධ පුහුණු වැඩසටහන් සහ අනෙකුත් හමුදාවන් අතර ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගැනීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාවන් පිළිබඳව චීන හා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ ප්‍රධානීන් අතර සාකච්ඡාවට බඳුන්වී තිබේ.

ශ්‍රී ලංකාවේ පිහිටි චීන මහජන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියැන්වෙල් (Senior Colonel Xu Jianwel) අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා වී තිබේ.

චීන හමුදාව විසින් පසුගිය වසර කිහිපය පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත දැක්වූ සහයෝගීතාවය වෙනුවෙන් සිය කෘතඥතාවය පළකළ යුද හමුදාපතිවරයා අනාගතයේ දී එවැනි සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

යුද හමුදා මූලස්ථානයේ පැවති මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවාක් ද සිදුවිය. තවද මෙම අවස්ථාව සඳහා චීන තාතාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක නිලධාරී ද සහභාගී වූහ.

Read more

Local News