පාස්කු කාරක සභාවට යාම ගැන ජනපතිගේ තීරණය ඉදිරියේදී

Share

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම සලකා බලමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබඳව ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (11) පෙරවරුවේදී එක්වෙමින් ජනපතිවරයා මෙම අදහස් දැක්වීය.

Read more

Local News