වත්මන් අධ්‍යාපන ඇමති ගැන රෝසි කියන දේ

Share

ශ්‍රී ලංකාවේ මෑතක දී බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන් දකින්නේ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

‘ළඟම පාසල වැඩසටහන’ යටතේ නාරාහේන්පිට සුජාතා විද්‍යාලයේ විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සුවිශේෂී වැඩසටහනක් ශ්‍රී ලංකික දුවා දරුවන් වෙනුවෙන් ඇතිකර තිබෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අද වන විට දෙමාපියන්ගේ එකම අභිලාශය වී ඇත්තේ, තමාගේ දරුවාව ලංකාවේ ජාතික පාසලකට දා ගැනීම බවද පැවසු පුරපතිනිය, එසේ නොහැකි වු විට දරුවන් මෙන්ම දෙමාපියනුත් මානසිකව ඇඳ වැටෙන බවද පැවසීය.

එනිසා පහේ ශිෂ්‍යත්වය පසුපස ලුහුබඳින බවත් පැවසු රෝසි සේනානායක මහත්මිය, දරුවන්ට වඩා තරග කරන්නේ දෙමාපියෝ බවද පැවසීය.

එසේ සිදු කරනු ලබන්නේ, දරුවාව ජාතික පාසලකට දා ගැනීමට ඇති ආශාව නිසාවෙන් බවද ඇය සඳහන් කළාය.

මේ තත්ත්වයෙන් මිදීමට රටේ සියලුම පාසල් සුපිරි පාසල් කිරීමටත් වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කැප වු බවත් සඳහන් කර සිටි පුරපතිනිය, ළඟම පාසල හොඳම පාසල සංකල්පය පමණක් නොව ගුණ නැණ බල සපිරි මානව හිතවාදී  සිසු පරපුරක් බිහි කිරීම ද එතුමාගේ එකම අභිලාශය බව පැවසීය.

මෑතක දී  පුංචි ශ්‍රී ලංකාවේ බිහි වූ හොඳම අධ්‍යාපන අමාත‍්‍යවරයා වශයෙන් තමා අකිල විරාජ් මහතා දකිනා බවත්, ඔහු වසර හතර ඇතුලත සුවිශේෂී වූ වැඩ කොටසක් ඉටු කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ඇය මේ බව තිදරු මවක් ලෙස නොබියව පවසන බවද සඳහන් කළ පුරපතිනිය වැඩිදුරටත් මෙසේ පැවසීය.

“තමාගේ පුර්ණ සේවයක් ලබාදීමට අවශ්‍ය කරන අවකාශය තමයි විදුහල්පති නිල නිවසින් ලබා දෙන්නේ.

මේක තේරුම් ගත්ත වත්මන් අධ්‍යාපන ඇමතිතුමා සියලු සම්පත් ලබාදී සම්පුර්ණ කර සුපිරි පාසල් මට්ටමට  සියලු පාසල් ගෙන ඒමට විශාල උත්සහයක් දරනවා.සමහර දරුවන් පාසල් යන්නේ නෑ වැසිකිලි පහසුකම් නැති වුණොත්.

ළඟම  පාසල  හොඳම පාසල  සංකල්පය තුළින් වැසිකිලි පහසුකම් වගේම  විදුලිය ලබා දුන්නා.

මේ වැඩසටහ තුළින් ලංකාවේ පාසල්  98%කට විදුලිය  පහසුකම් ලබා දෙන්න පුළුවන් වුණා.

වත්මන් අධ්‍යාපන ඇමති නීතිඥ අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමන්ට මගේ කෘතවේදීත්වය පිරිනමනවා.

මේ අවස්ථාවේදී මෙරටේ මිනිස්සු මේවා දැනගන්න ඕනෑ. මේ තිබ්බ අඩු පාඩුකම් හැදුවේ කවුද කියන එක.”

Read more

Local News