2016 රාජ්‍ය සේවකයන්ට අහිමිකළ විශ්‍රාම වැටුප යළි ඇතිකරනවා

Share

2016 වසරේදී රාජ්‍ය සේවකයන්ට අහිමිකරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ඇතිකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද(12) කොළඹදී පැවති සමුළුවකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

අද රටේ රාජ්‍ය අංශයට සිදුව ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර සිටි අනුර කුමාර මහතා, 2018 වර්ෂයේ පමණක් විදුලිබල මණ්ඩලයේ පාඩුව මිලියන 29000 ක් බව පැවසීය.

2018 වසරේ තෙල් සංස්ථාවේ පාඩුව මිලියන 10400  ක් බවද පැවසු ඒ මහතා, එයාර් ලංකා ආයතනයේ පාඩුව මිලියන දස ලක්ෂ 17000 ක් බවත් කියා සිටියේය.

වසර 30 කට ආසන්න කාලයක් පුරා රාජ්‍ය ආයතන ඈවර කිරීමේ මාර්ග තෝරා ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, තමා විසින් තෝරා ගනු ලබන්නේ මෙම අර්ධ රාජ්‍ය ගොඩනඟා රටේ සංවර්ධනයට විශාල කාර්යබාරයක් ඇති කරන ආයතන බවට පරිවර්තනය කරන බවත් පැවසීය.

මෙවැනි තත්ත්වයක් සෑදිය හැකි බවත් පැවසු දිසානායක මහතා, රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු දේශපාලඥයින් විසින් පිරවු බවත් සඳහන් කළේය.

අර්ධ රාජ්‍ය ආයතනවලට ප්‍රබල සහතිකයක් ලබා දෙන බවත් පැවසු ඒ මහතා, දේශපාලන ඥාතිකම්වලට ආයතන බාර දුන් යුගය අවසන් කර ඒ සෑම රාජ්‍ය ආයතනයක්ම මෙහෙයවිය හැකි දක්ෂතාවය තිබෙන කේෂත්‍රය ගැන අත්දැකීම් බහුල අයෙක් එම ආයතන ගොඩනැගීමේ වගකීම බාර ගත යුතු බවත් පැවසීය.

Read more

Local News