විභාග අපේක්ෂක පාසල් සිසු දරුවන් මෙන්ම අහිංසක පොදු මඟී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්න – ජනපති

Share

විභාග අපේක්ෂක පාසල් සිසු දරුවන් මෙන්ම අහිංසක පොදු මඟී ජනතාව පත්වන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටී.

උසස් අධ්‍යාපන කඩඉම් විභාගයක දී සිසුදරුවන් පත්වන මානසික තත්ත්වය පිළිබඳ වඩාත්  සැලකිලිමත්විය යුතු බැවින් සිය මානූෂීය අවධානය වගකීමෙන් ඉටු කරන ලෙසද ජනාධිපතිතුමා වර්ජනයට එක්වූවන්ගෙන් ඉල්ලා සිටියේය.

වර්ජකයන්ගේ විසඳී නැති ගැටලු ඇතිනම් ඒවා විසඳීමට ඉදිරියේ දී සාකච්ඡා කිරීමට අවස්ථා සලසා දිය හැකි බවද ජනාධිපතිවරයා කීවේය.

Read more

Local News