කුරුණෑගල හිස්වු මන්ත්‍රීධූරය සඳහා ශාන්ත බණ්ඩාරගේ නම

Share

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ​සඳහා ශාන්ත බණ්ඩාර මහතාගේ නම මැතිවරණ කොමිසමට යෝජනා කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධානගේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිස් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තමා පත් නොකිරීම සම්බන්ධයෙන් පක්ෂය සමඟ සාකච්ඡා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වන බව ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින් ද දිසානායක මහතාගේ අභාවයෙන් හිස් වු මන්ත්‍රී ධුරය සඳහා එච්.එම්.ඩි.බි.හේරත් මහතා පත් කිරීමට කුරුණැගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා පියවර ගෙන තිබිණි.

ඊට අදාළ ගැසට් නිවේදනය ද පසුගිය 9 වන දා දිනයේ නිකුත් කරනු ලැබීය.කෙසේවෙතත් අදාළ පත් කිරීම නිත්‍යානුකූල නොවන බව ශාන්ත බන්ඩාර මහතා සඳහන් කළේය.

Read more

Local News