ආණ්ඩුව පන්සලේ පිං කැටේත් සිල් කරනවා – විපක්ෂ නායක

Share

විහාරස්ථාන සහ සංඝයා වහන්සේ ආරක්ෂා කරගනිමින් රට යහ මඟට ගෙන යා යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වීරකැටිය ප්‍රදේශයේ පැවැති ආගමික වැඩසටහනකදී අදහස් පලකරමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දන්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“ගිහියන්ට දුන්නොත් හිමිවරුන් මට්ටු කරන්න. එසේනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. ආණ්ඩුවේ දුර්වලතාවය පේනවා. රටේ පුරාවස්තු විනාශ කරලා. 21 වැනිදා බෝම්බ ප්‍රහාරයෙන් අපි බය වුණා

ආගමික හා ජාතික සංහිදියාව නැතිවුණා. පන්සල් යන්න – පල්ලි යන්න. කෝවිල් යන්න බය වුණා. හැම කෙනෙකුම දෙසම අන්තවාදියෙක් ලෙස බලන්න පුරුදු වුණා. දැන් පන්සලේ ආදායම් සොයනවා

පිං කැටේත් සිල් කරනවා. පන්සලේ ආදායම සොයලා. ආණ්ඩුවට ලබාගැනිමේ පදනම මොකක්ද? කොහෙන්ද හැදෙන්නේ කියලයි ප්‍රශ්නය. අපේ යුතුකම තමයි. රට යහමඟට ගෙනැවිත්. සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වීමේ අයිතිය ලබාදී. ජාතික ආරක්ෂාව රට බිහි කරලා ඒ වගකීම අපි ඉටු කළ යුතුයි“

ඓතිහාසික වීරකැටිය නයිගල රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ 21 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිධන් වස්තු තැන්පත් කිරිම සහ නිරාවරණය කිරිම අද පස්වරුවේ සිදුකෙරුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියේය.

Read more

Local News