ගෝඨා ආවොත් බයෙන් ඉන්න ඕන කවුද ?

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විට බියෙන් සිටිය යුත්තේ රට විනාශ කිරීමට උත්සහ කරන පුද්ගලයින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ(14) මාතර පැවති ජනහමුවකදීයි.

ජනාධිපතිවරයෙකු සිටිය යුත්තේ තුන් තිස් පැයම නිදි වරාගෙන සිටීමට නොව තීන්දු තීරණ ගැනිමට බව ප්‍රකාශ කරන ඒ මහතා මේ වන විට කොටුව දුම්රිය පොල ඉදිරිපිට උත්ඝෝෂණයේ නියැලී සිටින ආබාධිත රණ විරුවන් පිළිබඳ බැලීමට කිසිවෙකු නැති බවත් ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි විට බියෙන් සිටිමට සිදු වන බවට ඇතැමුන් ප්‍රකාශ කරන අතර එසේ සිටීමට සිදු වන්නේ ත්‍රස්තවාදී කල්ලිවල පිරිස්, පාතාල නායකයෝ, කැළෑ කපන්නන්, ජාවාරම්කරුනක් වැනි පිරිස් බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ හැර වෙන කිසිවෙකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන ආණ්ඩුවක බියෙන් සිටිය යුතු නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News