ශ්‍රීලනිපය සහ පොහොට්ටුව එකතු වෙයිද ?

Share

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සුළු පක්ෂ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය විසඳෙනු ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී .හැරිසන් මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්ය.

අමාත්‍යවරයා පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එක්සත් ජාතික පක්ෂයේ රස සහ පළපුරුද්ද හොඳින් දන්නා පුද්ගලයෙක් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සාමාජිකයින් පොහොට්ටුව ලකුණ වෙනස් කිරීම සඳහා කිසිවිටක එකඟ නොවන බවත් ඒ නිසාවෙන් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙක එක් නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News