ජනතාව විශාල චින්තනමය අර්බුදයක හිරවෙලා

Share

රටේ ජනතාව විශාල චින්තනමය අර්බුදයක සිරවී සිටින බව පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි.

කොළඹදී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ, රජය ලබාදෙන සහන වලින් යැපෙන ජනතාවක් රට තුළ බිහිවීමට ඉඩනොදිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“ආණ්ඩුවෙන් හදන ගෙවල් වලට ඔලුව හදන දේශපාලඥයෝ නම් ඉන්නේ ඒ දේශපාලකයෝ මොකටද අපේ රටවල් වලට. අපි ඉන්නේ විශාල ලෙස චින්තනමය අර්බුදයක.

රටවල්වලට කාන්තාවෝ යවලා ගන්න සොච්චමෙන් ජීවත් වෙන්න, දේශපාලකයෝ හදලා දෙන අඩි 20-40 ගෙවල්වල ජීවත් වෙන්න, එහෙම නැත්තන් දේශපාලකයෝ දෙන සලාක මල්ල අරගෙන ජීවත් වෙන්න. සලාක මල්ලෙන් ජීවත් වෙන පරපුටු මානසිකත්වයක් හදන දේශපාලකයෝ කියලා කියන්නේ රටකට ශාපයක්.”

Read more

Local News