සියලු නීති විරෝධි කටයුතු පිටුපස දේශපාලකයෝ ඉන්නවා

Share

මහජනතාව මෙන්ම දේශපාලකයන්ද රටේ පවතින පොදු නීතියට යටත් වන්නන් බවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගම්පහ කිරිල්ලවල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාද එක්ව සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“අපේ ඇකයේ නැළවෙන, සුළඟිල්ලේ එල්ලිලා මොන්ටිසෝරි යන දරුවට, අපේ කුසයේ දඟලන දරුවට මීට වඩා හොඳ රාජ්‍යක් අපි නිර්මාණය කරන්න ඕනෙ.

කිසිදු ක්ශේත්‍රයකින් අපේ රට ඉදිරියට ගිහින් නෑ. දැන් හැමෝම සාකච්ඡා කරනවා රටට වෙනසක් ඕනෙ කියලා.

මහජනයාගෙන් ඡන්දය ඇරගෙන, මන්ත්‍රී ධුරයක් අරගෙන එය ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන ඇති දේශපාලනය වෙනස් කළ යුතුයි.

රටේ සිදුවන සියලු නීති විරෝධි කටයුතු පිටුපස දේශපාලකයෝ ඉන්නවා. දේශපාලකයා පොදු ජනතාව යටත් වෙන සෑම නීතියකටම යටත් වෙන කෙනෙක් විය යුතුයි.

මේ ජරා ජීර්ණ පිළුණු වු ගඳ ගහන දේශපාලන සංස්කෘතිය වෙනුවට යහපත් දේශපාලන සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය කරන වෙනස අපි ඇති කරනවා.”

Read more

Local News