උතුරේ පාසල්වලට නිවාඩු බවට ගෙන ගිය ප්‍රචාර අසත්‍යයි

Share

උතුරු පළාතේ පාසල්වෙත සඳුදා දින වන අද (16) දිනයේ පාසල් නොපැවෙත්වෙන බවට සිදු කරන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් උතුරු පළාතේ සියළු පාසල් අද (16) පැවැත්වෙන බවත් උතුරු පළාත්ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.

උතුරු පළාත් හිටපුප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා නායකත්වය දරන දෙමළ මහජන සභාව විසින් අද (16) පැවැත්වීමට නියමිත එළුග තමින් නොහොත් “නැගිටිව් දෙමළුනි” විරෝධතා වැඩසටහන හේතුවෙන් උතුරු පළාතේ හර්තාලයක් කැදවා ඇති බැවින් පාසල් වෙතද නිවාඩු ලබාදි ඇති බවට ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර ප්‍රචාරය කොට තිබිණ.

අදාළ ප්‍රචාරයන්ට ප්‍රතිචාර දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කරනු ලබන්නේ කිසිදු ආකාරයකින්උතුරු පළාතේ පාසල් වෙත නිවාඩු ලබා දි නොමැති අතර, උතුරු පළාතේ සියළු පාසල් අද(16)නිසි පරිදි පැවැත්වෙන බවයි.

එළුග තමිල් විරෝධතාවැඩසටහන හේතුවෙන් උතුරු පළාතේ වෙළඳසැල් වසා දමා හර්තාලයක් පවත්වන ලෙසටද දෙමළ මහජන සභා‍ව සංවිධානයේ නියෝජිතයින් උතුරු පළාතේ වෙළඳ සංගම්වලින් ඉල්ලීම් කොට ඇත.

Read more

Local News