යුද්ධ හමුදාධිපති සහ නාවික හමුදාධිපති අතර හමුවක්

Share

යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

නාවික හමුදාධිපතිවරයා විසින් යුද්ධ හමුදාධිපතිවරයා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගත් අතර යුද්ධ හමුදාපතිවරයා වශයෙන් වැඩ භාර ගැනීමෙන් පසු නාවික හමුදාධිපතිවරයා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් විය.

එහිදී නාවික හමුදාධිපතිවරයා විසින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත සිය හෘදයාංගම සුභපැතුම් එක් කරන ලද අතර, ඉන් අනතුරුව ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් ඔවුන් සුහද කථාබහක නිරත විය.

මෙම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

Read more

Local News