මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බව හැරිසන් කියයි

Share

මෙවර මහකන්නයට අවශ්‍ය පොහොර ප්‍රමාණය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පො‍හොර සමාගම් සඳහා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදයම් ලාභී ගොවි පවුල් වෙත ස්ථිර වහලක් සදා දීමේ වැඩසටහන මඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සඳහා ‍සෙවිලි තහඩු ප්‍රදානය කිරීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස දැක්වු අමාත්‍යවරයා,

“මෙම මස 26 වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය සම්පූර්ණ වෙනවා. වී වගාව සඳහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමාණයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්ථා වී තියෙනවා.

මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමාණයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා.

මහ කන්නයේ දීවී වගාව සඳහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට්මෙ.ටො.36,530ක් සහ MOPමෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා.

මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම්වන කොමර්ෂල් පොහොර සමාගම සඳහා 40%ක් ද, ලක් පොහොර සමාගම සඳහා 60%ක් ද පොහොර ආනයනය සඳහා අවසර හිමිව තිබෙනවා” යැයි ද පැවසීය.

Read more

Local News