සජිත්ගෙන් අගමැතිට ලිපියක්

Share

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරිම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අද (16) හම්බන්තොට පැවැති ජනහමුවකදී ඔහු මේ බව පැවසීය.

“ආයේ කථා දෙකක් නෑ, එළැඹෙන ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස තරග කරනවා ස්ථිරයි සත්තයි. මම පුන පුනාම මේ ගැන ප්‍රකාශ කර තිබෙනවා.

අද දවසේ අපේ පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා, ඉතාමත් ඉක්මනිනින් එක්සත් ජතාකි පක්ෂයේ,පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කරන්න කියලා.

මම එතුමාගෙන් ලිඛිත ඉල්ලීමක් කළා එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පෙරමුණටත් තවදුරටත් ලතවෙවී ඉන්න බෑ, කල්මර මර ඉන්න බෑ. මේ ප්‍රමාද වීම පක්ෂයටත්, ජනතාවටත් රටටත් හානියක්.

මේ ප්‍රමාද වීම මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් ලෙසයි.  එක්සත් ජාතික පක්ෂය හා පෙරමුණ කැමති නම් සජිත් ප්‍රේමදාස ජනපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත්විමට කැමතියි.

මොනයම් හෝ ප්‍රශ්ණයක් තිබෙනවානම් මගේ නම ඉදිරිපත් කිරිමේ,  එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයත්, මන්ත්‍රී කණ්ඩායමත් කැඳවා විමසීමක් කරන්න.

දැන් අවශ්‍ය වන්නේ ප්‍රජානත්‍රත්‍රවාදීව අපෙක්ෂකා නම් කිරීමයි. මම බලහත්කාරකම් කරන්න බලපොරොත්තු වෙන්නේ නෑ.

එකමුතුවෙන් තීරණයක් ගන්න බැරිනම් රහස් ඡන්දයක් තුළින් කෘත්‍යාධිකාරී මණ්ඩලයටත් පාර්ලිමේන්තු කණ්ඩයමටත් අවස්ථාව ලබාදෙන්න අපේක්ෂකයා තෝරන්න.

දැන් කාලය ඇවිල්ලා තිබෙන්නේ. තවදුරටත් කල් දමන්න බෑ.  තවදුරටත් මේක කල්මරන්නට බෑ.

ඇතුළේ කාමර වල සාකච්ඡා කර හරියන්නේ නෑ. මේ ජනපතිවරණයට අපි සූදානම් වෙන්න ඕන. කාමර ඇතුළේ සාකච්ඡා අවසන් කරලා දැන් ඇවිත් තිබෙන්නේ නිදහස්ව ජනපති අපේක්ෂකයා තෝරන්න.

දැන් තීරණාත්මක අවස්ථාවට අපි ඇවිත් තිබෙනවා. මොන අභියෝග ආවත් මොන ප්‍රශ්න ආවත් එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණ ජයග්‍රහණය කිරීමට සජිත් ප්‍රේමදාස සූදානම්”

Read more

Local News